ඇවිදගෙන ඇවිදගෙන
ඇවිද ගෙන යමු ඔහේ
ගිනි ගහන අව් කුටකේ
අතින් අත පටලන්න
පවා තහනම් නමුදු
හිතින් හිත පටලගෙන
සංසර පුරුද්දට
හිරු මොකද මේ තරම්
නපුරු වී බලන්නේ
මල් උයන්වල කුසුම්
මිලින කර දමන්නේ
නිලැති තණ පත් පවා
දුඹුරු වි මැලවිල
අපි ඔහේ අවිද යමු
හිතින් විතරක් බැදි
හිරු බහින හැන්දෑවේ
හුගක් නිසසල වේවි
මුහුදුතෙර වෙරල ලඟ
හුලඟ සිසිලස දේවි
ඉඩ ලදොත් කෙදින හෝ
වෙරල වෙත පියනගා
සමුඩුරට පෙම් කරන හිරු
ඉවුර දැකගනිමු
No comments:
Post a Comment